News

කොවිඩ් නීති කැඩූ 1,600කට අධික පිරිසක් අත්අඩංගුවේ

නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 20 දෙනෙකු පසු ගිය පැය 24ක කාලය තුල දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන් මත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,611 ක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.