News

කොවිඩ් ප්‍රතිකාරවලට උතුරේ රෝහලකුත් ඉල්ලයි

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා උතුරේ යුද හමුදාව සතු​ රෝහලක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යන කොවිඩ් ​රෝහල් දහතුනේ රෝගීන් 1440ක් ප්‍රතිකාර ලැබීමත්, පෙරේදා (13 වැනිදා) සවස වන විට ඇඳන් 251ක් පමණක් ඉතිරිව තිබීමත් නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මෙම ඉල්ලීම කර ඇත.

ඕනෑම මොහොතක උතුරේ හමුදා යටතේ ඇති රෝහල් තුනෙන් එකක් ලබාදිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දී ඇත. කොවිඩ් 19 පැතිරී වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ප්‍රධානීන් පැවැති සාකච්ඡාවකදී මෙම එකඟත්වය පළ කර තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා