News

කොවිඩ් පාලනයට පොලිස්පති මෙහෙයුම් මැදිරි දෙකක්

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස්පති පාළක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

එම මෙහෙයුම් මැදිරි සඳහා පහත සඳහන් දුරකථන අංක මගින් මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කළේය.

කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය

සෘජු දුරකථන අංකය – 1993
අනෙකුත් දුරකථන අංක – 011-5978701, 011-5978703, 011-5978719, 011-5978722, 011-5978737, 011-2472757
පොලිස් මූලස්ථානය මගින් – 011-2421111 දිගුව 3051
ෆැක්ස් අංකය 011-2345553
විද්‍යුත් තැපෑල igp.cr@police.lk

කොවිඩ්-19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය

දුරකථන අංක – 011-2422280 දිගුව 3033, 011-2444481, 011-5978716, 011-5978731
විද්‍යුත් තැපෑල – igphelpdesk@police.lk