News

කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා ආගමික නායකයින්ගෙන් අහලා වැඩක් නෑ

කොවිඩ් මරණ ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතය කිසිඳු ආගමකට ආදාළ කරුණක් නොවන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කරනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ හැර විදී සටන් හා විරෝධතා තුළින් ඉල්ලීම් සිදුකිරීම යෝග්‍ය නොවන බවයි.

“‍කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා ආගමික නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒක කම්කරු නායකයින්ගෙන් හෝ පක්ෂ දේශපාලන නායකයින්ගෙන් අහලා වැඩක් නෑ. ඒ තීන්දුව ගන්න ඕනේ විද්වත් කමිටුවක් හරහා රජය විසින්.”