News

කොවිඩ් මරණ ලක්ෂ 9ක් ඉක්මවයි

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා තිබේ.

වැඩිම මරණ ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 191,791ක් වේ.

ඊට අමතරව බ්‍රසීලයෙන් මරණ 129,522ක්, ඉන්දියාවෙන් මරණ 76,271ක්, මෙක්සිකෝවෙන් මරණ 69,649ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 41,697ක් වාර්තා වේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28,186,479ක් වේ.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,397,244කි.

ඉන්දියාවෙන් ආසාදිතයින් 4,562,414ක්, බ්‍රසීලයෙන් 4,238,446ක් සහ රුසියාවෙන් 1,048,257ක් වාර්තා වේ.