කොවිඩ් මරණ වලට වායු දූෂණය බලපානවා
ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ වලට වායු දූෂණයේ බලපෑමක් පවතින බවට අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ජර්මානු හා සයිප්‍රස් විශේෂඥයින් පිරිසක් විසින් සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත.
ලොව පුරා මේ දක්වා සිදුව ඇති කොවිඩ් මරණ වලින් සියයට 15කට වායු දූෂණයේ බලපෑමක් පවතින බවට නිගමනය කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.
නැගෙනහිර ආසියානු කාලාපයේ කොවිඩ් මරණවලින් සියයට 27කටම වායු දූෂණය හේතු වී ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණය කර ඇත.
වායු දූෂණය හේතුවෙන් සෑම පුද්ගලයෙකුගේම අපේක්ෂිත ආයු කාලයෙන් වසර දෙකක් අඩුවන බවට විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණ වලින් මීට පෙර අනාවරණය කර තිබුණි.
