News

කොවිඩ් මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් සිදුකල පෙත්සම් වලට දුන් අධිකරණ තීරණය

කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මුලික අයතිවාසිකම් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) දිනයේ සිදුවී තිබේ.

පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවකි.

මෙම පෙත්සම් ඊයේ දින සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවකි.