කොවිඩ් ලංකාවේ බැංකු පද්ධතියට දැඩි බලපෑමක්
කොවිඩ් බලපෑමට ලක්ව ව්‍යාපාර දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට දැඩි බලපෑම් එල්ල වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් පවසයි.
රාජ්‍ය ව්‍යවසායකයන්ගේ (ආයතනවල) ඉහළ යන ණය හා පාඩු මධ්‍යයේ බැංකුවලට සහාය දැක්වීමට රජයට ඇති හැකියාව ද අඩු බව ලොව ප්රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Moody’s Rating Agency) පෙන්වා දෙයි.
පුළුල් පරාසයක සිටින ශ්‍රී ලංකාවේ ණයගැතියන්ගේ මූල්‍ය හැකියාව පිරිහී යනු ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ (SME) දුර්වල ද්‍රවශීලතාව හේතුවෙන් ඒවා විශේෂ අවදානමකට ලක්වේ යැයි මූඩීස් ඒජන්සිය පවසයි.
ණය අත්හිටුවීම් සහ ප්‍රතිව්‍යුහගත කිරීම් ඔස්සේ තාවකාලික සහනයක් ලබා දෙන අතර විශේෂයෙන් දිගු කාලීන පුපුරා යෑමක දී බැංකුවල අවදානම් ඉහළ නැංවෙනු ඇතැයි පවසන මූඩීස් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ අපනයනවලට පහර වැදී ඇති අතර අපේක්ෂිත ආදායම් පහත වැටීම හේතුවෙන් මහ බැංකුව විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇත බවයි.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට විදෙස් ණය ගෙවීමට ඇති හැකියාව අඩුවනු ඇතැයි මූඩීස් ඒජන්සිය ද අනතුරු හඟවා ඇත.
නයන තරංග ගමගේ
