නවතම ප්‍රවෘත්ති

කොවිඩ් සමයේ නොගෙවූ බැංකු ණයට අතිරේක පොලියක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කළේ සිය නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව ‘අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් මෙම අතිරේක පොලිය අයකර ගත යුත්තේ ගනුදෙනුකරුවා සමග සාකච්ඡා කොට ණය ගිවිසුම අලුත් කිරීමෙන් පමණක් බව නියෝජ්‍ය අධිපතිවරයා අවධාරණය කළේය.

නයන තරංග ගමගේ