කොළඹින් ආසාදිතයන් වාර්තාවීම මෙන්න
වැඩිම ආසාදිතයන් ගණනක් කොළඹින් හඳුනා ගෙන තිබෙනවා. මෙලස ඊයේ (12) කොළඹින් හඳුනා ගෙන ඇති ආසාදිත ගණන 397ක් බව සඳහන් වන අතර ඔක්තෝම්බර් 4න් පසුව ආසාදිතයින් 14,107 ක් එම දිස්ත්‍රික්කයෙන් හමුවී ඇත.
කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 95 දෙනෙක් වාර්තා වී ඇති අතර, බොරැල්ලෙන් 60ක්, මට්ටක්කුලියෙන් 46ක්, දෙමටගොඩින් 36ක්, වැල්ලවත්තෙන් 23ක්, කිරුළපනයෙන් 20ක්, ග්‍රෑන්ඩ්පාස් හා පාදුක්කෙන් ආසාදිතයින් 18ක් ආදි වශයෙන් වාර්තා වී ඇත.
සාලමුල්ල ප්‍රදේශයෙන් 13ක්, කොම්පඤ්ඤවීදියෙන් හා බ්ලුමැන්ඩල්වලින් 12ක්, හංවැල්ලෙන් 8ක්, දෙහිවලින් 7ක්, බත්තරමුල්ලෙන් හා වැල්ලම්පිටියෙන් ආසාදිතයින් තිදෙනෙක්, පන්නිපිටිය, කොළොන්නාව, කඩුවෙල, අංගොඩ හා කොහුවලින් ආසාදිතයින් දෙදෙනා බැගින් වාර්තා වී ඇත.
තවද ගොතටුව, හෝකන්ද, හෝමාගම, කලල්ගොඩ, කිරිවත්තුඩුව, කොස්ගම, මීතොටමුල්ල, මීගහවත්ත, නුගේගොඩ, පොල්ගස්ඕවිට, රාජගිරිය හා රනාල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක් ඊයේ දිනයේ හඳුනා ගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 55ක් ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් ,යාපනය දිස්ත්‍රික්කයෙන් 36ක් හඳුනා ගෙන ඇත.
