කොළඹ ආසාදිතයන් 237 සොයාගෙන
කොවිඩ් ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ (28) දිනයේ හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයන් ගෙන් 237 දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම ආසාදිතයන් ඊයේ (28) වාර්තා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙන්.
එසේම ඊයේ(28) හඳුනා ගත් ආසාදිතයන් ගෙන් ගම්පහ දිස්ත්රික්කයේ ආසාදිතයන් 124ක් හඳුනා ගෙන තිබෙනවා.
මහනුවරින් 44ක්, කළුතරින් 39ක්, කුරුණෑගලින් 20ක්, අම්පාරින් 19ක් හා තවත් දිස්ත්රික්ක 12කින් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 41,603ක් වාර්තා වී ඇති අතර ඉන් 33,221ක් සුවය ලබා ඇත.
කෙසේ වෙතත් ආසාදිතයින් 8,188 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්රතිකාර ලබනවා.
