News

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව හෙට (26) දින සිට දීර්ඝ කිරීමට පියවර ගෙන ති‌බේ.

ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුකිරීමට නියමිතයි.

මේ පිළිබදව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජය විසින් හෙට (26) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වීම පස්වරු 10.00 සිට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.