News

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රීයේ සිට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

එම මණ්ඩලය සදහන් කළේ නුගේගොඩ අවට ප්‍රදේශ කිහිපයකට ද අද (23) රාත්‍රී 10.00 සිට හෙට (24) දහවල් 12 දක්වා පැය 14 ක ජල කප්පාදුවක් සිදුවන බවයි.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල (විජේරාම සිට නුගේගොඩ දක්වා) මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල, රාජගිරිය, කොළඹ 05, 07 හා 08 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි.

මේ අතර බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සදහා ද මෙම ජලකප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

එම මණ්ඩලය පැවසුවේ අදාළ ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා මෙම ජල කප්පාදුවන බවයි.

බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුව සිදුවන සදහන්.

මේ අතර, කොළඹ 04, 06 සහ මහරගම සහ බොරලැස්ගමුවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.