News

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

අද (10) උදෑසන 7 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12, 13,14 සහ15 යන ප්‍රදේශවලට හෙට (11) උදෑසන 7 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද එම මණ්ඩලය නිවේදනය කරයි.