News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ මරදානේ ප්‍රදේශ කිහිපයකට හෙට (11) පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10.00 සිට ඩීන්ස් පාර, ඩාර්ලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

එම කාලසීමාව තුළ ඉබ්බන්වල හන්දිය සිට කොම්පඤ්ඤ වීදිය හා අතුරුමාර්ග වලට සහ වෝක්ෂෝල් පටුමග ප්‍රදේශවලට ජලය අඩු පීඩනයක් යටතේ සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.