කොළඹ ලෙඩ්ඩු 4500 ඉක්මවලා
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 373 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 271ක් කොළඹින් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයින් ආසාදිතයින් 230ක් කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔක්තෝබර් මස 4 වන දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4640ක් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන බස්නාහිර පළාත තුළ අද වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 46 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා හමු වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 4834ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 571කි.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් හමු වූ ප්‍රදේශ පහත පරිදි වේ…………..


