News

කොළොන්නා‌වේ තැපැල් කාර්යාල 7ක් වැසෙයි

කොළොන්නාව ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි උප තැපැල් කාර්යාල 6ක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වෛසරය ආසාදිත තැපැල් සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ඒ අනුව කොලොන්නාව තැපැල් කාර්යාලයේ සෙසු සේවකයින් ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.