ගත වූ පැය 24ට මෙරට කොවිඩ් තත්වය
ගත වූ පැය 24 තුල මෙරට කොවිඩ් ආසාදිතයන් 650 දෙනෙකු ඊයේ (17) මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් 242දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇත.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 126දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 42ක් හඳුනා ගෙන තිබේ
එසේම මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 35,386දෙනෙකු වන අතර ආසදිතව රෝහල් ගතකර සිටින රෝගීන් ගණන 8,874ක් වනවා.
තවද නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුල පුද්ගලයන් 7,961 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැත.
