News

ගමකට ම සංචරණ සීමා පනවයි – ආසාදිත කතක් හදිසියේ මියගිහින්

වව්නියාවේ පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයට සංචරණ සිමා යොදා ඇති අතර ගම්මානයේ පදිංචි කාන්තාවක් හදිසියේම ඊයේ(26) රාත්‍රියේදී මිය යාමෙන් පසු ඇය කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙනවා.

මියගිය කාන්තාව 52 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වනවා.

අද (27) උදෑසන සිට ආශ්‍රිතයින් හඳුනාගමනිමින් පී.සී.ආර් පරික්ෂණයන් සිදු කිරීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පියවර ගෙන ඇත.

පෙරියඋළුක්කුලම ජනඋදා ගම්මානයේ සිටි එම මියගිය කාන්තාව මිය යාමට ප්‍රථමයෙන් පැවති අසනීප තත්වය හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර අනතුරුව රෝහලේදී කරන ලද PCR පරීක්ෂණයේදී ආසාදිත බව සොයාගෙන තිබේ. පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ .