News

ගල්කිස්සේ පාරක පිරිමි මල සිරුරක්

ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරට සමීප අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද(13) පෙරවරුවේ සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇති අතර ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම පුද්ගල මළ සිරුර අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.

දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.