ගල්ලෑල්ල කොවිඩ් මධ්‍යස්ථානයෙන් පැනගිය ආසදිත රැඳවියෙක් අල්ලාගනී
පසුගිය දිනක පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය ආසාදිතයන් 5දෙනා ගෙන් ආසාදිතයන් දෙදෙනෙක් මේ වන විට සොයාගෙන තිබේ. එම සොයාගත් ආසාදිත රැඳවියන් දෙදෙනාගෙන් එක් අයෙකු මින් පෙර සොයා ගනු ලැබූ අතර අද (06) දිනයේ අනිත් ආසාදිත රැඳවියා සොයාගනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිත රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
52හැවිරිදි සැකකරු ‘ගැටයා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.
එසේම ආසාදිත රැඳවියාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව පැන ගිය රැඳවියන් 05දෙනාගෙන් දෙදෙනෙක් සොයාගෙන ඇති අතර අතුරුදන් අනෙක් රැඳවියන් තිදෙනො සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
