News

ග්‍රහලෝකාගාරයේ අද සිට තරු පෙනෙයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මහජනතාවට නැරඹීම සඳහා අද සිට (7) විවෘත කරන බව එහි අධ්‍යක්ෂ කේ. අරුණ ප්‍රභා පෙරේරා පැවසීය.

රට තුළ පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ග්‍රහලෝකාගාරයේ දර්ශන මේ අනුව යළි මහජනතාවට විවෘත වේ.

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන නරඹන්නන් සීමිත සංඛ්‍යාවක් සහභාගි කරවා ගනිමින් දර්ශන පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව එහි අධ්‍යක්ෂ වැඩිදුරටත් පැවැසීය.

ක්‍රිෂ්ණ ඩී. එදිරිසිංහ – කොළඹ