News

ග්‍රෑන්ඩ්පාස් මෙහෙයුමකින් සැකපිට 63දෙනෙකු අත්අඩංගුවට

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුවදොර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 63දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ ඊයේ (14) රාත්‍රීයේ මෙම මෙහෙයුම සිදුකළ බවයි.

එහිදී මත්ද්‍රව්‍ය සමග සැකපිට පුද්ගලයින් 20දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මුදලින් රුපියල් හාරලක්ෂ විසිදහසක් හා ජංගම දුරකථන 06ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින් 11දෙනෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.