News

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මහගාල්ල මන්දඋදාරක පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, හබරාදුව, අක්මීමණ, හපුගල, අහංගම, බෝපෙ,පොද්දල, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත් වේ.