News

ගැබිනි මවකට කොවිඩ්

යටියන්තොට ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් එම කාන්තාව ඊයේ (02) රාත්‍රියේ අයි.ඩි.එච්.රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

අදාළ කාන්තාවගේ පියා මීට පෙර කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ද සඳහන් වේ.

මේ අතර ඇඹිලිපිටිය, උඩවලව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එකම නිවසේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු එලෙස වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර මෙම කාන්තාවන් දෙදෙනා රැඳි සිටි නිවසේ පුද්ගලයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකු බව ද වාර්තා වේ.