රූපලවන්‍ය

ගිරිරාජ්ගේ දුව සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස පතිකුලයට

ගිරිරාජ් කෞෂල්‍යෙග් දුව අමන්ද්‍යා උත්පලී, පසුගියදා සාරංග කළුගල සමග පතිකුලයට පිවිසුණා. අමන්ද්‍යාව හැඩගැන්වූයේ රූපලාවන්‍ය ශිල්පිණී රුවන් හේරත් වන අතර, සාරිය නිර්මාණය කළේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාරයි.

ඇගේ සාරිය ගැන ධනංජය මේ ආකාරයට විස්තර කළා.

අමන්ද්‍යාට ඕන වුණේ සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස හැඩවෙන්නට. ඒ වගෙම ඉතා චාම් මනාලියක් වන්නට ඇයට අවශ්‍ය වුණා. සාරිය අයිවරි කලර් එකෙන් නිර්මාණය කළා. මේක බීරළු සාරියක්. පහළ කොටසට බෙලාරිස් කියන පැබ්රික් එක පාවිච්චි කළා. සාම්ප්‍රදායික උඩරට මනාලියකට එන බෝරිච්චි අත නිර්මාණය කළා. බීරලු රත්‍රන් පැහැති නූලෙන් හැඩ දමා තියෙනවා. යහළු මනාලියන්ට ඔලිව් පැහැයෙන් යුත් වර්ණ භාවිතා කළා. මනාලියගේ මෙන්ම සාරිය බීරලුවලින් වැඩ දමා තිබෙනවා.
මල් කළඹ කැප්ලියා ඕකිඩ්වලින් නිර්මාණය කළා. සාම්ප්‍රදායික උඩරට ආභරණ භාවිතා කරලා තියෙනවා.

හැඩගැන්වීම – රුවනි හේරත්
සාරි නිර්මාණය – ධනංජය බණ්ඩාර
ඡායාරූප – Reminisce
සම්බන්ධීකරණය – ක්‍රිෂාන්ත පුෂ්පකුමාර