ගුවන් තොටුපළ විවෘත කිරීම ගැන තීරණය
ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලබන 26 වන දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අනුව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් ප්‍රථමයෙන් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදී ඇත.
එසේම කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇත.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පැවසේ.
