ගුවන් තොට විවෘත කළ හැකිද බලන්න
ගුවන්තොටුපොළ විවෘත කිරීම සහ සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව විවෘත කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්, සංචාරක සහ ගුවන් සේවා ක්ෂේත්රයට සම්බන්ධ ඉහළ නිලධාරීන් මෙම කමිටුවට ඇතුළත් වෙති. කමිටුව සකස් කරන වාර්තාව තමන් අධ්‍යයනය කර ජනාධිපතිවරයාට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ විවෘත කිරීම සහ සංචාරක ක්ෂේත්රයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපොළ අගෝස්තු මස 01 වන දින විවෘත කිරීමට සැලසුම් කර ඇතත් එය තවත් දින කිහිපයක් ප්‍රමාද වන බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේය.
උදයජීව ඒකනායක
