News

ගුවන් යානා දෙකකින් මගීන් පිරිසක් දිවයිනට පැමිණෙයි

විදෙස් රටවල් දෙකක සිට පුද්ගලයින් 18දෙනෙකු මෙරට පැමිණ තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ අබුඩාබි සිට පුද්ගලයින් හයදෙනෙකු අද උදෑසන ඊ.වයි. 264 දරණ මගී ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි.

තවත් පුද්ගලයින් 12දෙනෙකු කිව්.ආර්. 668දරණ මගී ගුවන් යානයෙන් දෝහා කටාර් සිට මෙරටට පැමිණි බව එම මධ්‍යස්ථානය සදහන් කළේය.

එලෙස පැමිණි පුද්ගලයින් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.