News

ගූගල් සේවාවන් කිහිපයක් තාවකාලිකව බිඳවැටෙයි

ගූගල් සේවාව ලොව පුරා තාවකාලිකව බිදවැටී ඇත.

ගූගල් සමාගමට අයත් Gmail, Youtube, Google Drive මෙලෙස බිඳවැටී තිබේ.

ඊට අමතරව ගූගල් සමාගම විසින් ක්‍රියාත්මක කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප් කිහිපයක් ද බිඳ වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් බිඳවැටීම සිදුවී සුළු වේලාවක් තුළ ලොව රටවල් කිහිපයකට නැවත එම සේවාව ස්ථාපනය කිරීමට ගූගල් සමාගමට හැකිව තිබේ.

මෙම බිඳ වැටීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.