News

ගෙළ වැලලාගෙන මිය ගිය මැණික් ව්‍යාපාරිකයාට කොවිඩ්

දඹුල්ල ප්‍රදේශයේ තානායමකදී ඊයේ (06) ගෙළ වැලලාගෙන මියගොස් සිටි බව කියන රත්නපුර ප්‍රදේශයේ තරුණ මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ බව පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.

ගෙළ වැලලාගෙන මිය ගිය තරුණයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමඟ දඹුල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු, දඹුල්ල මහ නගර සභාවේ සේවකයින් කිහිප දෙනෙකු, මාතලේ ස්ථානීය පරික්ෂණ පොලිස් නිලධාරින් පිරිසක්, මල් ශාලාවේ සේවකයින් පිරිසක්, දඹුල්ල රෝහලේ සහ අදාළ තානායමේ සේවකයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.