ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොවිඩ්
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පසුගිය 28 වැනි දින ඔහුගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම වැඩමුළුවක් හම්බන්තොට වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පවත්වා ඇති අතර එම වැඩමුළුවට සහභාගි වූ නිලධාරීන් විශාල පිරිසක් නිරෝදායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී ඇත.
