News

ගොවියාගේ ඇස්වලට ගම්මිරිස් ගසා අපනයනයට සමාන ප්‍රමාණයක් ආනයනය කරලා

යහපාලන ආණ්ඩුව සමයේ ගම්මිරිස් අපනයනය කර ඇති ප්‍රමාණයට සමපාතව යම් ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර ඒ හේතුවෙන් රටතුළ නිෂ්පාදනය වූ අස්වැන්න ටොන් දසදහසක්-පහළොස්දහසක් අතර ප්‍රමාණයක් සෑම වර්ෂයකම ඉතිරිව තිබේ.

2017 දී ටොන් 29,546ක දේශීය ගම්මිරිස් අස්වැන්න ලැබී තිබියදී ටොන් 1458ක් ආනයනය කර ඇත. එහෙත් අපනයනය කර ඇත්තේ ටොන් 16429ක් වන අතර එමගින් වර්ෂයේ දී ටොන් 14575ක අස්වැන්නක් ඉතිරිව තිබේ.

2016 දී ද ටොන් 18476ක අස්වැන්නක් ලැබී තිබියදී ටොන් 759ක් ආනයනය කර ඇත.

එහෙත් අපනයනය කර ඇත්තේ ටොන් 8450ක් වන අතර ටොන් 10784ක් ගම්මිරිස් අතිරික්තයක් රට තුළ පැවති බව විගණනයේ දී හෙළි වී තිබේ.

චමින්ද සේනාරත්න