News

චම්පිකට ලබාදුන් අධිකරණ නියෝගය

අපරික්ෂාකාරීව රිය ධාවනය කර අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) නියෝග කර ඇත.

එමෙන්ම චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබී ඇත.

එමෙන්ම මෝසමක් ඉදිරිපත් කරමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ හෙට දින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටිම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.

විත්තිකර පාඨලියේ චම්පික රණවක මහතාට මේ මස 28දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළා. එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකර රණවක මහතාට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළා.