News

චීන විශේෂ ගුවන් යානයක් කටුනායකට

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සදහා චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ(18)රාත්‍රීයේ චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

චීන ජාතිකයන් 53 දෙනෙකු රැගෙන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන බෝයිං – 777 වර්ගයේ නවතම ගුවන් යානයක් ඊයේ රාත්‍රී 7ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ගුවන් යානය මෙරට සේවය කළ චීන ජාතිකයන් 206 දෙනෙකු රැගෙන ඊයේ රාත්‍රී 9.30 ට චීනයේ ෂැංහයි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.