News

ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන ක්‍රියාත්මක නොකරයි

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට සූදානම් කළ ජංගම වැඩසටහන ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති තුමා මේ බව ප්‍රකාශ කරයි.

ගැටළු කිහිපයක් මත එය සිදු කිරීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.