ඡන්දේදී පොලිස් නිවාඩු අවලංගු නොවේ
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමක් සිදුනොකරන බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.
නමුත් ලබන 15දා සිට අගෝස්තු මස 12 දක්වා කාලය තුළ උපරිම පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කළ යුතු බවද පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
පොලිස් නිලධාරියකුට නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අභිමතයෙන් පමණක් නිවාඩු ලබාගත හැකි බවද පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
මෙවර මහ මැතිවරණයේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැටඅටදහසක් පමණ යෙදවීමට නියමිතය.
උදයජීව ඒකනායක
