ජනපති වියත්මගෙන් සහය ඉල්ලයි
රජයේ ඉදිරි ගමන සඳහා සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම “වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සමන්විත සංවිධානයකි.
2016 වර්ෂයේ ආරම්භ කළ එම සංවිධානය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් වී ඇත.
දේශපාලන අධිකාරිය මැදිහත් වියයුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමනට සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඊයේ දින (13) පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ අවස්ථාවේ දී මෙම අදහස් පළකර තිබේ.
ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කල හැකි ආකාරය ගැන ද මෙහිදී අවධානය යොමුකර ඇත.
තවද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද මෙහිදී අවදානය යොමුකර ඇත.
