ජනාධිපතිවරණ රාජකාරි කළ නිලධාරීන්ගෙන් 90%ක් මහ මැතිවරණ රාජකාරිවලටත්
ඉකුත් ජනාධිපතිවණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන් කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා සහභාගි වන්නේදැයි යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරගනිමින් සිටින බව අනාවරණය වේ.
ඉකුත් ජනාධිපතිවරණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන්ගෙන් සියයට අනූවක්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා සම්බන්ධ වීමට කැමැත්ත පළකර ඇතැයිද මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු පැවසීය.
කොවිඩ්-19 වෛරසය පැතිරයෑමේ තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස්වලට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා යොදා ගන්නා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට සිදුවෙතැයිද එම නිලධාරියා කීවේය.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සාමාන්‍යයෙන් නිලධාරීන් ලක්ෂ එකහමාරක් දෙකත් අතර පිරිසක් යොදා ගැනේ.
උදයජීව ඒකනායක
සාලිය කුමාර ගුණසේකර
