ජපානයේ සහ කටාර්වල සිටි ලාංකිකයින් 47ක් දිවයිනට
ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.
පළමුවෙන්ම අද(31) අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව ජපානයේ නරීටා සිට අද(31)අලුයම 3.15 ට එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
