ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයෙක් ඝාතනය කෙරේ
ඉතා ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිසාඩේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයට ආසන්න ඩමවාන්ඩ් නම් ප්‍රදේශයේ අබ්සාර්ඩ් හිදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
“රාජ්‍යයක් විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක්” බව එම ඝාතනය හෙළා දකිමින් ඉරාන විදෙස් අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පවසා ඇත.
ඉරානය විසින් සිදුකරගෙන යනු ලබන රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහන පිටුපස සිටින ප්‍රධාන චරිතය වන්නේ ෆක්රිසාඩේ බව බටහිර බුද්ධි අංශ පවසයි.
න්‍යෂ්ටික විද්‍යාඥයා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඊට වෙඩිතබා ඇති අතර එහිදී ඔහු තුවාල ලබා ඇත.
එහිදී ඔහු තුවාල ලබා ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරකයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.
