News

ජාතික රෝහලේ වාට්ටුවක කනිෂ්ඨ කාර්ය මණ්ඩලයම නිරෝධායනයට

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 48 සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ හේතුවෙන් වාට්ටුවේ රෝගී සත්කාර සේවාවන් කරගෙන යෑමේ දැඩි අපහසුතා මතුව ඇති බවද ඔහු පැවසීය.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හා එම පුද්ගලයා සමග අනෙකුත් සේවකයන් දින කිහිපයක් පුරා විවේකාගාරය තුළ එකට ආහාර ගැනීම නිසා ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යැවීමට සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.

නේවාසිකාගාර තුළ පවතිනුයේ කුඩා ඉඩ ප්‍රමාණයක් බැවින් එහි කණ්ඩායම් ලෙස ආහාර නොගන්නැයි සියලු දෙනා දැනුවත් කරමින් චක්‍රලේඛ පවා නිකුත් කර තිබියදී එය නොතකා කටයුතු කළ මෙම සේවකයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම කෙරෙහිද මේ වන විට රෝහල් ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රියානි විජේසිංහ