ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ ඉල්ලයි
මහ මැතිවරණයෙන් ජයගත් සියලු පක්ෂවලට අදාළ ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ වෙත දැනුම් දී තිබේ.
එම ජාතික ලැයිස්තු නාම ලේඛන ලද පසු මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට කටයුතු කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි.
සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි.
ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.
මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
