News

ජින්තුපිටියේ පාසල් 11ක් වසන්නැයි ඉල්ලීමක්

කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් හදුනාගැනීමත් සමග එම ප්‍රදේශය අවට පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ මේ වන විට විවෘත කර ඇති පාසල් වසාදමන ලෙසයි.

ඊයේ (02) පස්වරුවේ ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හදුනාගැනීමත් සමග ඔහු රෝහල් ගත කර තිබේ.

ඊට අමතරව එම රෝගියා ආශ්‍රිතයන් ලෙස හදුනාගත් 154දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයේ ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇත.