News

ජින්තුපිටියේ පුද්ගලයාට කොවිඩ් නැහැ

කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කෙරෙමින් පසුගියදා රෝහල්ගත කෙරුණු කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව රෝහල්ගත කිරීමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 05කින් පමණ තහවුරු වූ බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

අදාළ පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමග යළි නිවස බලා පිටත්කර යැවූ බවද හෙතෙම කීවේය.

උදයජීව ඒකනායක