ජීවත්විය හැකි වාතාවරණයක් හදලා ඡන්දෙ තියන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
‘‘රටේ පවතින තත්ත්වය අනුව තවමත් ඇඳිරිනීතිය විටින් විට පනවනු ලබනවා. තාම පාසල් විවෘත කරලා නැහැ.
සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් දීලා නැහැ. ජුනි 20න් ඉදිරියට මැතිවරණය අරන් යන්න කියලයි අපි ඉල්ලීම් කළේ. රටේ ජනතාවට ජීවත් විය හැකි වාතාවරණයක් හදලා මැතිවරණය පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.’’
