News

පාසල් ළමුන්ට ජුලි 06 සිට පාසල් විවෘතයි

පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාසල් ආරම්භ කිරීම පියවර 4කින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහාය.

ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇත.

ජූලි 20 වනදා සිට 12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා පාසල ආරම්භ වේ.

ජූලි 27 වනදා සිට 3,4,6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා පාසල ආරම්භ වේ.

ප්‍රාථමික වසරවල දරුවන් පාසලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැත.

10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.

3,4 ශ්‍රේණි සඳහා පාසල උදෑසන 7.30 සිට උදෑසන 11.30 දක්වා පැවැත්වෙන අතර 5 ශ්‍රේණිය සඳහා පාසල මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.