ජෝර්දානයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන් අද (14) අලුයම 4.00ට පමණ දිවයිනට පැමිණි බව වාර්ථා වෙයි.
ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාවලට ගොස් සිටි පිරිස් බව වාර්තා වේ.
පිරිස ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකර පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්ථා වෙයි.
