ඥානසාර හිමි පාස්කු කොමිසමට
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරමුණු කරගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (08 වැනිදා) මුස්ලිම් සංවිධාන සහ ආයතන දහයක් නියෝජනය කරමින් නීතිඥවරු පැමිණියහ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර දිනකදී කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි මගින් අගතියක් සිදුව ඇති බවට මෙම පාර්ශ්ව මගින් කොමිසමට දැනුම් දී ඇත.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (08 වැනිදා) යළි කොමිසමට කැඳවා උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන ලදී.
එහි මුස්ලිම් පාර්ශ්ව ලෙස, සඳහන් වූයේ එම්. හුසේන් මොහොමඩ් සභාපති ශ්‍රී ලංකා ඉස්ලාමික් මධ්‍යස්ථානය, එම්.එච්.එම්. හුසේන් සහකාර ලේකම් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, යාකුත් නලීන් සභාපති නලීමියා, ඉස්ලාමික් ආයතනය ජාතික සුරා සභාවේ ලේකම් එම්. ඉනාමුල්ල, ශ්‍රී ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමීය සංවිධානය, සමස්ත ලංකා තරුණ යෝනක සංවිධානය, මුස්ලිම් මුවර්ස් ඉස්ලාමික් කල්චර්, ප්‍රසිඩන්ට් කොන්ෆරන්ස් ඔෆ් ශ්‍රී ලංකා මැලේ යන සංවිධාන සහ ආයතනයයි.
වරුණි පෙරමුණ
