ඩග්ලස් සහ කංචන සිය ධූරවල වැඩ බාර ගනී
නව රජයේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය, ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද (13) සිය ධූරයන්හි රාජකාරී ඇරඹූහ.
ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු නිල ලේඛනවලට අත්සන් තබා රාජකාරී භාරගත්හ.
විශේෂ උත්සවයක් සංවිධානය කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
